Friday, April 26, 2024

General line - 0115112241

දින කිහිපයකට පසු කොළඹට අද ගෑස් බෙදයි




ලිට්රෝ ගෑස් බෙදා හැරීම අද දිනයේදී වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දින කිහිපයකට පසු අද දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ගෑස් බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ. 

එමෙන්ම බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය ජනතාවට ද ගෑස් ලබාදෙන බව ලිට්රෝ සමාගම පැවසුවා. ඊයේ දිනයේද ගෑස් සිලින්ඩර් 80,000 ක් බෙදා හැරීමට නියමිතව තිබුණද බෙදා හැර තිබුණේ 35,000 කට ආසන්න ප්‍රමාණයක්.

මේ අතර ලිට්රෝ සමාගමේ නිලධාරීන් අද දිනයේ කොප් කමිටුවට වෙත කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කමිටුවේ සභාපතිවරයාට පාර්ලිමේන්තුවේදී ඊයේ උපදෙස් ලබාදුන්නා. ඒ, කොළඹ වරායට රැගෙනවිත් තිබූ නෞකාවෙන් ගෑස් බෙදා හැරීමට, ප්‍රමාදවී ලොරි රථ යොමු කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ නිලධාරීන්ගෙන් කරුණු විමසීම සඳහායි.