Friday, April 26, 2024

General line - 0115112241

මාර්තු 12 ව්‍යාපාරයෙන් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනා පත්‍රයක්




19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය ධනාත්මක සංශෝධන සහිතව බලගැන්වීම, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට ජාතික කවුන්සිලයක් පත්කිරීම, විනිවිදභාවයෙන් සහ වගවීම් සහිත රාජ්‍ය මූල්‍ය ක්‍රමවේදයක් හදුන්වාදීම ඇතුලු මූලික යෝජනා 04 කින් සමන්විත යෝජනා පත්‍රයක් මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජිකයින් විසින් අග්‍රාමත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

මාධ්‍ය හමුවක් කැදවමින් මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ කෙතරම් ආර්ථික ප්‍රශ්න තිබුණද ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම රාජ්‍ය දේපල විනාශ කිරීම මෙම අර්බුදයට විසදුම් නොවන බවයි.