Friday, April 26, 2024

General line - 0115112241

ලංගම හරහා ඉන්ධන ලබාදීමට නව වැඩපිළිවලක් සකස් කිරීමේ සුදානමක්




ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා පෞද්ගලික හා පාසල් බස්රථ ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක රථ වාහනවලට ඉන්ධන ලබා දීමට නව ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවේ ඉන්ධන ලබා දීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබෙමින් ඇති බැවින් ලබන සතියේ සිට පාසල් විවෘත කිරීමට හැකි බවයි.

මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් බස්රථ ධාවනය නොවූ පසුබිමක බොහෝ දෙනෙකු ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරා ගත්තේ දුම්රියෙන්. එහෙත් දුම්රිය රියදුරන් දැන් පවසන්නේ තමන්ටද දෛනික රාජකාරිය සඳහා පැමිණීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගුවීමේ ඉඩක් ඇති බවයි.