Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ණයට ගත් ෆයිසර් එන්නත් ලක්ෂ 60 ක් මියන්මාරයට නිකං දෙයි




කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ සමයේ ලෝක බැංකුවේ ණය පහසුකම් මත මෙරටට ආනයනය කළ ෆයිසර් එන්නත් තොගයෙන් මාත්‍රා ලක්ෂ 60 ක් මියන්මාරයට නොමිලේ ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් වනවා. ඒ ජනතාව ෆයිසර් මාත්‍රාව සිය 03 වන එන්නත් මාත්‍රාව ලෙස ලබාගැනීමට ඇති අඩු උනන්දුව හේතුවෙන්. 

මෙම එන්නත් තොගය තවදුරටත් මෙරට තබාගැනීමෙන් ඒවා කල්ඉකුත්වීමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙලෙස වෙනත් රටකට ලබාදීමටයි තීරණය කර ඇත්තේ. 

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට මෙම එන්නත් තොගය මියන්මාරයට අලෙවි කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වන්නේ අදාළ එන්නත් තොගය වෙනුවෙන් ලෝක බැංකුව ෆයිසර් සමාගමට මේවනවිටත් ගෙවීම් සිදුකර තිබීම හේතුවෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව අදාළ මුදල ණය වාරික ලෙස ලෝක බැංකුවට ගෙවිය යුතුයි. 

ෆයිසර් එන්නත සම්බන්ධයෙන් රටතුළ පැවැති දැඩි උනන්දුව හේතුවෙන් 03 වන මාත්‍රාව ලෙස එම එන්නත ලබාදීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කළා. ඒ අනුව මෙරටට ආනයනය කළ සමස්ථ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 141 ක්. ඉන් ලක්ෂ 70 ක් භාවිතයට නොගෙන ඉතිරිවී තිබෙනවා. ඉන් ලක්ෂ 10 ක් රට තුළ ඉතිරි කරගෙන ඉතිරි ලක්ෂ 60 මියන්මාරයට පරිත්‍යාග කිරීමටයි තීරණය කර ඇත්තේ.