Friday, April 26, 2024

General line - 0115112241

LIOC සමාගම ඉන්ධන මිල ගණන් ගැන ගත් තීරණය




සිපෙට්කෝ සමාගම විසින් ඉහළ දමනු ලැබූ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

සිපෙට්කෝ සමාගම විසින් අද දහවල් 2.00 සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 50 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 100කින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු.60 කින් ද සහ ලංකා සුපර් ඩිසල් ලීටරයක් රු. 75කින් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 550ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍ර්ල් ලීටරයක නව මිල රු.470ක් වේ. 

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 520ක් වේ.