Saturday, April 27, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය තවත් වසර 7ක් - දෛනික පුරුදු වෙනස් කර ගන්නැයි විද්වතුන් ජනතාවගෙන් ඉල්ලයි




රට තුළ පවතින ආර්ථික අර්බුදය තවත් වසර 7ක් පමණ පැවතිය හැකි බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා. එතෙක් ජාත්‍යන්තරයෙන් ලබා ගත් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු වන බවයි නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා සියලු දෙනා සිය පුරුදු පවා වෙනස් කර ගත යුතු බවයි ප්‍රියනාත් ජයසූරිය පෙන්වා දුන්නේ.

මේ අතර ලබන ජූලි මස 25 වනදාට කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමිකරුවෙකු ඉකුත්දා අමෙරිකානු නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ ශ්‍රි ලංකාවට එරෙහිව නඩු පවරා නඩු පවරා තිබුණා. එලෙස නඩු පවරා ඇත්තේ හැමිල්ටන් රිසව් බැංකුව විසින්. මෙරට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි ප්‍රමාණයක් එම සමාගමට හිමි බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව එම බැඳුම්කරයට අදාළ පොලිය ද සමග මුළු මුදල වහාම ගෙවන ලෙස ඉල්ලමින් එම බැඳුම්කරහිමියා නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ එම නඩුව ගොනු කර තිබෙනවා. 

ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් රටක් වශයෙන් ඉතා බරපතල ලෙස සැලකිය යුතු බව ආර්ථික විශේෂඥයින් පවසනවා. ණය නොගෙවීම ඒකපාර්ශවික වශයෙන් ගත් තීරණයක් බැවින් මෙවැනි ණය ගෙවීම පැහැර හැරීමක් හමුවේ අධිකරණයක් වෙත යාමට සිදුවනවා සේම එහි ප්‍රථිපලය රටට වාසිදායක නොවනු ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ.