Friday, April 26, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අද සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේදී (PHOTOS)




මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශිෂ්‍යත්ව වැඩමුළු මාලාව අදින් ආරම්භ වනවා. එහි පළමු වැඩසටහන අද පැවැත්වෙන්නේ අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලේදීයි. 

ප්‍රවීන දේශක සරත් ආනන්ද ගුරු පියාණන් මෙහෙයවන එම වැඩමුළුවේදී, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ව්‍යුහයටම සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙකක්, වැඩමුළුව සඳහා සහභාගී වන දූ දරුවන් වෙනුවෙන් නොමිලේ ලබා දෙනවා. එමෙන්ම විභාගයට පිළිතුරු සපයන කෙටි ක්‍රම, විෂය මාලාවේ වැදගත් කරුණු මෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ගත හැකි ආකාරය පිළිබඳව ද එහිදී දරුවන්ව දැනුවත් කෙරෙනවා. 

අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පෙරවරු 08ට ආරම්භ වන ශිෂ්‍යත්ව වැඩමුළුවට සහභාගී කෙරෙන දරුවන් කල්වේලා ඇතිව අසුන් ගන්වන ලෙස සංවිධායකයින් මව්පියන්ගෙන් ඉල්ලීමක් ද කළා. 

මේ අතර  මෙවර ද මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුලු විශේෂාංග රැසක් අද දිනයේ පැවැත්වෙනවා. මෙවර නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවට මැලිබන් ගෝල්ඩ් මාරි සහ ඇස්ට්‍රා, පූර්ණ අනුග්‍රහය දක්වනවා.