Friday, April 26, 2024

General line - 0115112241

බීර නිෂ්පාදනය සඳහා සහල් යොදා ගැනීම ගැන වෙළෙද ඇමති ගත් තීරණය




බීර නිෂ්පාදනය සඳහා පරිභෝජනයට සුදුසු සහල් යොදා ගන්නේ නම් එය වහාම නතර කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන බවයි. ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදය හමුවේ පරිභෝජනයට සුදුසු සහල් වෙනත් කටයුතු සඳහා ලබාදිය නොහැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.  

සහල් හෝ වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම වලක්වාලමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙරේදා දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළා. 

එහි දැක්වෙන්නේ සහල් හෝ වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සෘජුවම භාවිත කිරීම හෝ අනියම් ආකාරයකින් සත්ත්ව ආහාර නිපදවීමට යෙදවුමක් ලෙස භාවිත කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ නොහැකි බවයි. ඊට අමතරව තොග රැස් කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීමද සිදු කළ නොහැකි වනවා.