Saturday, April 27, 2024

General line - 0115112241

රටේ පවතින ඉන්ධන සංචිතය මෙට්ට්‍රික් ටොන් 14,000කට සීමාවෙයි




මෙරට පවතින ඉන්ධන ප්‍රමාණය ගැන බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැහැදිළි කිරීමක් සිදුකර සිටියා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට මෙරට සතුව පවතින ඩීසල් තොගය මෙට්ට්‍රික් ටොන් 9000ක් බවයි.

එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් වර්ග දෙකෙහිම එකතුව මෙට්ට්‍රික් ටොන් 5,500ක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර ලංකා IOC සමාගම සතුව පවතින ඩීසල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් මිලදී ගැනීම සඳහා සාකච්ජා සිදුකරමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.