Friday, April 26, 2024

General line - 0115112241

ඉන්ධන සංචිත අඩියටම වැටුණත් තෙල් පෝලිම් අඩු නොවෙයි - ටෝකන් නිකුත් කිරීමත් බොහෝ පිරවුම්හල්වල සිදු නොවේ




රට තුළ පවතින සීමිත ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සදහා ලබාදීමට ප්‍රමුඛතාව ලබාදෙන බව බලධාරීන් ප්‍රකාශ කළද දිවයිනේ සියලුම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා. කෙසේවෙතත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමක් දක්නට නොලැබුනු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ඉන්ධන පෝලිම්වල රැදි සිටින පුද්ගලයින්ට අද සිට ටෝකන් පතක් ලබාදෙන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ප්‍රකාශ කළා. එම වැඩසටහන ඇතැම් පිරවුම්හල්වල ක්‍රියාත්මක කෙරුණුද සෙසු බොහෝ පිරවුම්හල්වල එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොවූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර පවතින ඉන්ධන හිගය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක රෝහල්වල දෛනික කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. තමන්ට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට සිට අත්‍යවශ්‍ය රාජකාරී පමණක් ඉටු කිරීමට කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.