Saturday, April 27, 2024

General line - 0115112241

පාසල් සිසුවෙකු ළිඳකට වැටී මරුට (PHOTOS)




වයස අවුරුදු 14ක සිසුවෙකු ළිඳකට වැටී මියගොස් තිබෙනවා. ඔහු අකුරැස්ස දියලපේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිසුවා මියගොස් සිටි ළිඳ අසල ඔහුගේ පාසල් නිල ඇඳුම ද තිබී සොයා ගැනුනා.

නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් මෙය අනතුරක්ද නැතහොත් දිවි හාකිකර ගැනීමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. මියගිය සිසුවා හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අයෙක්.

Image00001akuressa Image00002akuressa Image00003akuressa