Saturday, April 27, 2024

General line - 0115112241

අරගල භුමිය විවිධ දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වීමේ අවදානමක් මතුවී ඇතැයි චෝදනාවක්




අරගලකරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මර්දනය අතරතුර ගෝල්ෆේස් අරගල භූමියත්, අරගලයේ යාන්ත්‍රණයත් විවිධ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බව සර්ව පක්ෂික අරගලකරුවෝ පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අරගලයට දින දීම එම ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් බවයි. 

එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇද දැමීමක්. එබැවින් පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදු ජන අරගලයට පන ගන්වන තෙක් සිය පාලකයා දෙස විමසිලිමත්ව බලා සිටින ලෙසයි  සර්ව පාක්ෂික අරගලකරුවෝ සදහන් කළේ. 

ව්‍යාජ පෙළඹවීම්වලට හසුවී අරගලය පිළිබඳ පවතින විශ්වාසය පඑදු නොකර ගන්නා ලෙසත් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි සර්ව පාක්ෂික අරගලකරුවෝ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.