Saturday, April 27, 2024

General line - 0115112241

පාරිභෝගිකයින්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට බිලියන 7.5 ක පොල්ලක් - වසරක්ම බිල නොගෙවූ පාරිභෝගිකයින් 50,000 ඉක්මවයි




හිග මුදල් නොගෙවූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම ඉදිරියේදී අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වාණිජ, පියල් පත්මනාථ නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ගෘහස්ථ ජල පාරිභෝගියන් වැඩි පිරිසක් එලෙස හිග මුදල් ගෙවා නොමැති බවයි.

හිග මුදල් ගෙවා නොමැති දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැදී සිටින නිල නිවාසවල ජල සැපයුම අත්හිටුවීටම පියවර ගන්නා බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වාණිජ, පියල් පත්මනාථ වැඩිදුරටත් සදහන් කළා.