Friday, April 26, 2024

General line - 0115112241

නැගෙනහිර කලාපයෙන් පිටවන්නැයි යුක්රේන ජනපතිගෙන් රටවැසියන්ට නියෝග




යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඩොනෙට්ස්ක් කලාපයේ තවදුරටත් ජීවත් වන සිවිල් වැසියන්ට අදාළ ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි නියෝග කර තිබෙනවා. 

ඩොනෙට්ස්ක් කලාපයේ පවතින යුද ගැටුම් තවදුරටත් තීව්‍ර වනු ඇතැයි අනතුරු අගවමින් ජනාධිපතිවරයා ඒ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුක්රේන වැසියන් රැසක් මේවනවිටත් අදාළ ප්‍රදේශයෙන් ඉවත්වී ඇති නමුත් තවත් සුළු පිරිසක් එම ප්‍රදේශවල රැඳී සිටින බවයි ජනාධිපතිරයා පවසන්නේ. 

මේවනවිට පවතින අවස්ථා සියල්ල ජනතාවගේ ජීවිත බේරා ගැනීමටත්, රුසියානු හමුදාවේ ත්‍රස්තවාදය මැඩලීමටත් යොදාගත යුතු බව ද යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඩොනෙස්ක් කලාපයේ විශාල කොටසක් මේවනවිටත් රුසියානු හමුදාවේ පාලනය යටතේ පවතිනවා. ඒ අනුව එම කලාපය තුළ සිරවී සිටින සිවිල් වැසියන් හැකි ඉක්මනින් ඉවත් නොවුනහොත් එළඹෙන ශිත කාලයේදී ළමුන් ඇතුළු සිවිල් වැසියන්ට මහත් ව්‍යවසනකාරී තත්ත්වයකට මුහුණ දිමට සිදුවනු ඇතැයි යුක්රේන බලධාරින් බිය පළ කරනවා. ඩොනෙට්ස්ක් කලාපය තුළ මේවනවිටත් යුක්රේන වැසියන් දෙලක්ෂයකට අධික පිරිසක් රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.