Saturday, April 27, 2024

General line - 0115112241

ගෝඨාභයට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්




හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි මෙරටට පැමිණ ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනාධිපතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙට්ටියාගොඩ සිරිවිමල නා හිමියන් ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්. යළි දිවයිනට පැමිණෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කිරීමට පෞද්ගලිකවම මැදිහත්වී කටයුතු කරන ලෙසයි කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

වසර 74 ක දේශපාලන ඉතිහාසයේ බොහෝ අය කළ වැරදිවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වැරදි නොකළ සාමකාමී පුද්ගලයෙකුට වීම අභාග්‍යයට කරුණක් බව ද උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.