Saturday, April 27, 2024

General line - 0115112241

චීනය තර්ජනය හමුවේ අමෙරිකාවේ ඉදිරි පියවර ගැන ලෝකයේ අවධානය




ලෝක දේශපාලන භූමිය යළි උණුසුම් කරමින් අමෙරිකාව සහ චීනය අතර මත භේදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, චීනයේ තර්ජනය පවා නොතකමින් අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරත වීමත් සමඟයි. එලෙස අමෙරිකානු ඉහළ පෙලේ නියෝජිතවරියක් තායිවානයට පැමිණෙන්නේ වසර 25 කට පසු පළමු වරටයි. 

අමෙරිකානු කතානායකවරියගේ තායිවාන සංචාරය ආරම්භ කිරීමට පෙර සිටම චීනය ඊට දැඩි විරෝධයක් එල්ල කළා. ඒ අනුව දැන් ලෝකයම බලා සිටින්නේ අමෙරිකානු ක්‍රියාමාර්ගයට එරෙහිව චීනයේ ප්‍රතිචාරය කුමක්වේද යන්න පිළිබඳවයි.

මේ අතරතුර තායිවානය පවසා ඇත්තේ චීනයෙන් එල්ලවන යුධමය තර්ජනය හමුවේ පසු නොබසින බවයි. මෙවන් පසුබිමක චීනය මේ වන විටත් තායිවානයට ආසන්න මුහුදේ දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ, තායිවානය අවට මුහුදු සීමාව මෙන්ම එරට ගුවන් සීමාවද කේන්ද්‍ර කර ගනිමින්.