Friday, April 26, 2024

General line - 0115112241

පැතුම් කර්නර් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝග කරයි




සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා නියෝග කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පැතුම් කර්නර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විරෝධතාවක් මතුකරමින් තම සේවාදායකයාගේ ඡායාරූප පුවත්පත්වල හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වී ඇති නිසා එම පෙරෙට්ටුව පැවැත්වීමේ නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා යොමු කිරීමට නියෝග කළා.

ඒ අනුව පෙරෙට්ටුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.