Saturday, April 27, 2024

General line - 0115112241

චීන යුධ අභ්‍යාසයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන්වලටත් බලපෑම්




තායිවානය අවට මුහුදේ චීනය විසින් ආරම්භ කරනු ලැබ ඇති දැවැන්ත යුධ අභ්‍යාසය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන්වලටද බලපෑම් එල්ලවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් සමාගම් කිහිපයක් විසින් දැනටමත් අදාළ කළාපයේ ගුවන් ගමන් නතර කර ඇති බවයි. 

තායිවාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පියාසර කිරීමට තිබූ ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විටත් අවලංගුවී අවසන්. චීනය, තායිවාන් සමුද්‍ර සංධියේ මෙතෙක් සිදුකළ දැවැන්තම යුධ අභ්‍යාසය වන මෙය ලබන ඉරිදා තෙක් ක්‍රියාත්මකයි.

සිය යුධ අභ්‍යාසය අතරතුර චීනය එල්ල කළ බැලැස්ටික් මිසයිල 11 ක් සිය මුහුද තීරයන්ට වැටී ඇති බව ජපානය සහ තායිවානය අද පැවසුවා. තායිවානය පැවසුවේ චීන ප්‍රහාරක ජෙට් යානා 22 ක් සිය ගුවන් කළාපය ආක්‍රමණය කළ බවයි. සිය ආසියානු සංචාරය තායිවානය හෝ කලාපයේ පවතින තත්ත්වය වෙනස් කිරීමේ අරමුණින් සිදුවූවක් නොවන බවයි අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි අද පවසා ඇත්තේ. 

ඒ, ජපානයට පැමිණීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. කෙසේවෙතත් චීනය පවසා ඇත්තේ පවතින තත්ත්වය දෙස බලා අමෙරිකාව දැන් හෝ පාඩමක් ඉගෙන ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි. 

චීන තායිවාන මෙම මතභේදාත්මක තත්ත්වයට ජපානය ඈඳී ඇත්තේ හිරෝෂිමා නාගසාකි ප්‍රහාරයට හෙට වසර 77 ක් සපිරෙද්දී වීම විශේෂත්වයක්.