Saturday, April 27, 2024

General line - 0115112241

මහනුවරදී පොලිස් නිලධාරියකුට පහරදීමක්




මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු කල පහරදීමකින් පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ බීමත්ව පැමිණි පිරිසක් එම ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියකට සහභාගීවීමට උත්සහ කළ බවයි. අදාල පිරිස ක්‍රීඩාංගණයට ඇතුළුවීම වැලැක්වීමට කටයුතු කළ අවස්ථාවේදීයි එම පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කර සැකකරුවන් මෙම පහරදීම සිදු කර ඇත්තේ. 

එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි අනෙකුත් පොලිස් නිලධාරීන් විසින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන පේරාදෙණිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. එළෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩපේරාදෙණිය සහ පොල්ගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.