Friday, April 26, 2024

General line - 0115112241

මතභේදාත්මක යුවාන් වැන්ග් නෞකාවේ පැමිණීම කල් දමන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි




චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට ලඟාවීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා රජය චීන රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ දෙරටේ රජයන් අතර තවදුරටත් උපදේශනයන් සිදු කිරීමට අවශ්‍ය බැවින් එම තීරණය ගෙන ඇති බවයි. 

මත භේදාත්මක යුවාන්වැන්ග් 5 නෞකාව එළඹෙන 11 වනදා හම්බන්තොට වරායට ලඟා වීමට නියමිතව තිබුණා. එය ලබන 17 වනදා තෙක් හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමට නියමිත බවයි මීට පෙර වාර්තා වුණේ. 

පර්යේක්ෂන හා ගවේශන කටයුතුවල නිරත වන බව පැවසෙන චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව 2017 නිපදවූවක් වන අතර එහි ගෙන යාහැකි බහාලුම්වල ධාරිතාව ටොන් 11,000ක්. ඉකුත් ජූලි 13 වනදා චීනයේ ජියැන්යින් වරායෙන් පිටත් වූ එම නෞකාව මේ වන විට පවතින්නේ තායිවානයට ආසන්න චීනයේ නැගෙනහිර මුහුදු සීමාවේ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් මත භේදාත්මක තත්ත්වයක් ඇති වුයේ ඉන්දියාව ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීම සමඟයි.