Friday, April 26, 2024

General line - 0115112241

හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ - ජනපති




මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටිනවා.

අද පස්වරුවේ පැවති " විද්වත් වෘත්තිකයින්ගේ සම්මේලනය - 2022" දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

රට ගොඩනැගීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ඊට අමතරව ඩයස්පෝරාවේ සහය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමු කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.