Saturday, April 27, 2024

General line - 0115112241

ඉදිරි සිව්වසර සඳහා වන ක්‍රිකට් තරග කාලසටහන එළිදැක්වේ




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය දරනු ලබන රටවල් 12 සඳහා ඉදිරි වසර 04 ක කාලය සඳහා වන අනාගත තරග වැඩසටහන මේ වන විට එළිදක්වා තිබෙනවා.

2023-2027 දක්වා වන කාල සීමාව තුලදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 12 ක්‍රිකට් තරග 777කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. 

එම තරග 777 ට ටෙස්ට් තරඟ 173 ක්, එක්දින තරඟ 281 ක් සහ T20I තරඟ 323ක් අයත් වේ. 

එමෙන්ම මෙම වසර 04 ක කාලය තුළ ශ්‍රී ලංකාව අවම වශයෙන් ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 63ක් සහ විස්සයි20 තරග 60ක් ක්‍රීඩා කිරිමට නියමිතව ඇත.

මේ අතර 2026 වර්ෂයේදී විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දීයාව සහ ශ්‍රී ලංකාවට නම් කර ඇත.