Friday, April 26, 2024

General line - 0115112241

නිලූක ජයග්‍රහණයකින් ඔලිම්පික් අවසන් කරයි




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ බැඩ්මින්ටන් කේවල මූලික වටයේ තරගයකින් ජයක් වාර්තා කිරීමට නිලූක කරුණාරත්න අද (15) අලුයම සමත් වුණා. ඒ පෝලන්තයේ අද්‍රියන් සියොල්කෝ වට දෙකට බින්දුවක් ලෙෂ පරාජය කරමින්.

ලකුණු සටහන දැක්වුණේ 21ට 19ක් සහ 24 ට 22ක් ලෙසයි. ලෝක බැඞ්මින්ටන් කේවල ශ්‍රේණිගත කිරීම්වල 93 වන ස්ථානය පසුවන නිලූක කරුණාරත්න මෙහිදී කේවල ශ්‍රේණිගත කිරීම්වල 58 වැනි ස්ථානයේ පසුවන පෝලන්ත කී‍්‍රඩකයෙක් පරාජයට පත් කිරීම කැපී පෙනෙනවා.

නිලූක පළමු වටයේදී ලෝක බැඞ්මින්ටන් කේවල ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයේ පසුවන චීන ක‍්‍රීඩකයා හමුවේ පරාජයට පත් වුණා.

දෙවන තරගයේදී නිලූකට නිතරග ජයක් හිමි වුණේ ගෝතමාලා කී‍්‍රඩකයා එම තරගයට සහභාගි නොවීම හේතුවෙන්.

කෙසේ වෙතත් පී කාණ්ඩයෙන් තරග වැදුනු නිලූක කරුණාරත්නට මෙවර රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙලේ බැඞ්මින්ටන් කේවල ඉසව්වේ දක්ෂතම කී‍්‍රඩකයින් 16දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

එම කාණ්ඩයෙන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ප‍්‍රසාද ලකුණු දෙකක් හිමිකර ගත් චීන කී‍්‍රඩකයායි. පී කාණ්ඩයෙන් කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වූ නිලූක කරුණාරත්න එක් ප‍්‍රසාද ලකුණු හිමිකර ගත්තා.

පෝලන්ත කී‍්‍රඩකයා පරාජය කිරීමෙන් පසු නිලූක කරුණාරත්න බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර සිට නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

Image00001Niluka Image00002Niluka  Image00004Niluka Image00005Niluka Image00006Niluka Image00007Niluka  Image00009Niluka   Image00012Niluka