Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන නායක දසුන්ගෙන් පැහැදිළි කිරීමක්




ප්‍රතිවාදී පිළේ පන්දු යවන්නන් නිසි පරිදි අධ්‍යයන නොකිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුවූ බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. ආසියානු කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සමග ඊයේ පැවැති තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ යම් වෙනසක් සිදුකළා. ඒ, ආරම්භක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලක, මැද පෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමයි. ඒ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් දසුන් ශානකගෙන් විමසීමක් කළා.