Saturday, December 28, 2024

General line - 0115112241

ජාතික සභාව පිහිටුවීම සඳහා රජයේ යෝජනාවලිය පක්ෂ නායකයින්ට




පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදීයි. පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව ජාතික සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳ රජය විසින් කෙටුම්පත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල අදහස් කඩිනමින් ලිඛිතව ලබාගැනීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීමෙන් පසු නව කෙටුම්පතක් සකසා ලබන සිකුරාදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට එය ඉදිරිපත් කිරීමට ද ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.