Saturday, April 27, 2024

General line - 0115112241

ආසියානු කුසලානයෙන් ගෞරවාන්විත සමුගැනීමකට ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අද තරඟබිමේ




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ඉන්දිය කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතරයි.

මේ වන විටත් ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය දැනටමත් සුදුසුකම් ලබා අවසන්. ඒ අනුව තරඟාවලියේ ගෞරවාන්විත සමුගැනීමක් සඳහා මෙම තරඟය කන්ඩායම් දෙකටම වැදගත් වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. තරඟය රාත්‍රී 07 යි 30 ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතයි.