Friday, April 26, 2024

General line - 0115112241

කාසියේ වාසිය පාකිස්ථානයට 




ආසියානු කුසලානයේ අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් විය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කරනු ලැබුවා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව 05 වරක් ජයග්‍රහණය කර තිබෙනවා.

පකිස්තානය ආසියානු කුසලාන දිනා ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. වැඩිම අවස්ථා ගණනකදී ආසියානු කුසලානය දිනා ඇති කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. ඔවුන් අවස්ථා 07 කදී ආසියානු කුසලානයේ ශූරතාව දිනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20 තරග සංඛ්‍යාව 22 ක්. ඉන් තරග 09 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර පකිස්තානය තරග 13 ක් ජය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැති අවසන් පන්දුවාර 20 යි 20 තරග 04 ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම තරග 04 සඳහාම දසුන් ශානක නායකත්වය ලබා දීම විශේෂත්වයක්.