Saturday, April 27, 2024

General line - 0115112241

මහේල, ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක් වෙයි




එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

මෙම කරුණු ආනාවරණ කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීයි. මහේල ජයවර්ධන, මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඩොලර් මිලියන 40 ක් හෙවත් රුපියල් කෝටි 1,400 අධික මුදලක් රැස්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙහිදී පැවසුවා.

මේ අතර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය පිළිබඳ කණ්ඩායමේ නායක දසුන් ශානක මෙහිදී අදහස් පළ කළා.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අභියෝගය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.