Saturday, April 27, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු 20 යි 20 ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්




දකුණු අප්‍රිකානු 20 යි 20 ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායම් 02 ක් විසින් මිලදී ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ව, ප්‍රිට්‍රෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 85 කට ආසන්න මුදලකටයි. වේග පන්දු යවය ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛව, ඩර්බන් සුපර් ජයන්ට්ස් විසින් රුපියල් ලක්ෂ 54 කට ආසන්න මුදලකට මිලදී ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණව සිය කණ්ඩායමේ රඳවා ගැනීමටයි ජොහැනස්බර්ග් කිංග්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ. 

මෙම ක්‍රීඩක වෙන්දේසියට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුසංක, මතීෂ පතිරණ ඇතුළු 

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිසක් ඉදිරිපත් කර තිබුණා. කෙසේවෙතත් වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක එම ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර තිබුණේ නැහැ. ඒ, එම තරගාවලිය පැවැත්වෙන කාල සීමාව තුළ එම ක්‍රීඩකයින් තිදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 20 යි 20 ලීග් තරගාවලියට සහභාගී වීම හේතුවෙන්. 

දකුණු අප්‍රිකානු 20 යි 20 ලීග් තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේදී ආරමභ වීමට නියමිතයි.