Saturday, April 27, 2024

General line - 0115112241

පළමු විස්සයි 20 තරගයේදී ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක්




ඉන්දිය කණ්ඩායම සමඟ පැවත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය කඬුලු 04 කින් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

මොහාලිහිදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 06 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 208 ක්. වේගවත් පිතිහරඹයක නිරතවූ හර්දික් පාණ්ඩියා පන්දු 30 කදී නොදැවී ලකුණු 71 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර 5 ක් ඇතුලත් වුණා. කේ එල් රාහුල් ලකුණු 55 ක් සහ සූර්්‍යකුමාර් යාදෙව් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී නේතන් එලිස් කඬුලු 03ක් බිඳ හෙලුවා. 

ලකුණු 209 ක ජයග්‍රාහී ඉලක්කය හඹායාමට පිටියට පිවිසි සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2 ක් අවසානයේ කඬුලු 06 ක් පමණක් දැවී ලකුණු 211 ක් රැස් කරමින් තරඟය ජයගත්තා.

කැමරන් ග්‍රීන් පන්දු 30 ක් තුළ රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 4 කින් වර්ණවත් වුණා. මැතිව් වේඩ් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 45 ක්. පන්දු යැවීමේදී රාජේෂ්බායි පටෙල් ප්‍රතිවාදී කඬුලු 03 ක් බිද හෙලුවා. තරඟයේ වීරයා කැමරන් ග්‍රීන්. 

දෙරට අතර පැවැත්වෙන් දෙවන පන්දුවාර 20 යි විස්ස ක්‍රිකට් තරඟය ලබන සිකුරාදා ඉන්දියාවේ, නාග්පූර්හිදී පැවැත්වීමට නියමිතයි.