Saturday, April 27, 2024

General line - 0115112241

පිළිකාකාරක නිසා මෙරට ත්‍රිපෝෂ වෙනස් වෙයි




ඇෆ්ලටොක්සින් නමැති පිළිකාකාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු බවට ප්‍රකාශවීමත් සමඟ ත්‍රිපෝෂ සම්බන්ධයෙන් රට තුළ ඇතිවූයේ දැඩි කතාබහක්. මෙම ගැටලුව සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ අනාවරණයන් හමුවේ නෙත් නිවුස් වෙත වාර්තා වුණේ ත්‍රිපෝෂ ගබඩා කිරීමේදී ද ගැටළු රැසක් පවතින බවයි.

ත්‍රිපෝෂ තුළ ඇති ඇෆ්ලටොක්සින් ප්‍රමාණය නියමිත සීමාව ඉක්මවා යාමට එයද බලපා ඇති බව එහිදී අනාවරණ වුණා. ගබඩා කිරීම වැනි පහසුවෙන් විසඳුම් සෙවිය හැකි ගැටලු විසදීම සදහා මේ දක්වා පියවර ගෙන නැත්තේ ඇයි ? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්නගෙන් විමසීමක් කළා.

ඒ අනුව ඉදිරියේදී ත්‍රිපෝෂ පැකට්ටුව වෙනස් කරන බවත්, එමඟින් ත්‍රිපෝෂ පැකට්ටු නිසි ප්‍රමිතිය යටතේ මාස හතරක පමණ කාලයක් තබා ගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

මෙරට ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු බවට දැඩි කතාබහක් මතු වුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඉකුත්දා සිදුකළ ප්‍රකාශයත් සමඟයි. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න.

ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකරගත යුතු නොමැති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.