Sunday, May 11, 2025

General line - 0115112241

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වනිඳුගේ කිරුළ ගැලවෙයි



පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යා පත්ව තිබෙනවා.

ඒ, එම ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග අබිබවා යමින් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී තුන් ඉරියව්වෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන්

ඔහු පන්දුවාර විස්සයි විස්ස නවතම තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර ලෝක කුසලානය දිනා ගත්තද එය රැගෙන සිය මව් රටට පැමිණීමට ඉන්දීය කණ්ඩායමට අද දිනය වන තෙක් නොහැකි වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් දූපත් ආශ්‍රිත කලාපයට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව ලෝක කුසලානය දිනා දින 04කට පසු ඉන්දීය කණ්ඩායම සිය රට වෙත පැමිණ ඇත්තේ අද දිනයේයි.

ඔවුන් හෙට උදෑසන නව දිල්ලියට ළඟා වීමට නියමිතයි.