Thursday, March 13, 2025

General line - 0115112241

රනිල්ගේ පාර්ශවයෙන් ගැලවුණු සෙල්ලහේවා සජබයට එක්වෙයි



මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ආසන සංවිධායක නන්දසේන සෙල්ලහේවා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සදහා සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

ඒ මහතා මාතර නගරයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙකු වන අතර මේ අවස්ථාව සදහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සමගි ජන බලවේගයේ මාතර ආසන සංවිධායක බිමල් ජයසිරි මහතාද එක්වුණා.