තිස් වසරක් පැවති යුධමය තත්වය නිමා කොට වසර 16ක් සපිරෙන මොහොතේ රට එක්සේසත් කළ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රණවිරුවන් උදෙසා ආශිර්වාද කිරීමත්, යුද්ධයේදී දිවි පිදු රණ විරුවන්ට පිං පැමිණවීමත්, ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමත්, රණවිරු පවුල්වල අයට උපහාර පිදීමත් අරමුණු කරගනිමින් ඓතිහාසික තිස්සමහාරාම රජ මහා විහාර භූමියේදී ආශිර්වාද පූජාවක් පැවැත්විණි.
මෙම ආශිර්වාද පූජාව සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යය ඕමාරේ කස්සප නායක ස්වාමීන් වහන්සේ, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මාතර කන්දබඩපත්තුව ඇතුළුව හම්බන්තොට මහ දිසාවේ ප්‍රධාන සංඝනායක තිස්සමහාරාම සදගිරි උභය මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධර්මසේන නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර සද්ධම්ම මහානිකායේ අනුනායක, දේශප්‍රේමී භික්‍ෂු සංවිධානයේ මහලේකම්, බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක නැදිගම්විල රාජමහා විහාරාධිපති උයන්වත්තේ සද්ධාරාම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය වැඩම කරමින් පැවැත්විණි.