Sunday, May 12, 2024

General line - 0115112241

ප‍්‍රවීණ මාධ්‍යවේදී ආරියදාස පීරිස්ගේ අවසන් කටයුතු අද




අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතාගේ අවසන් කටයුතු අද (12) සිදු කෙරෙනවා.

බොරැල්ල කනත්තේ දී පස්වරු 4.00 ට එම කටයුතු සිදු කෙරෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. 

මෙරට ගුවන් විදුලි ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිවේදකයෙකු වූ ආරියදාස පීරිස් මහතා  ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා අභාවප‍්‍රාප්ත වුණා. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 91 ක්.

ප්‍රවීන මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ද අද උදෑසන දේහය තැම්පත්කර තිබූ ඔහුගේ මිරිහානේ පිහිටි නිවසට පැමිණියා.

විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන් මෙන්ම විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාමාද වන ආරියදාස පීරිස් මහතා වෙළෙඳ සේවයේ පළමු නිවේදකයා ලෙස සැලකෙනවා.