අල්ලස් ලෙස රුපියල් 20,000ක මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙක්.
ගිරිබාව පොලීසියේ සුලු පැමිණිලි අංශයට යොමුකර තිබූ ඉඩම් ආරාවුලක් සම්බන්ධ පැමිණිල්ලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් පැමිණිලිකරුට ලබා දීම සඳහා සැකකාර පොලිස් සැරයන්වරයා එලෙස රුපියල් විසිදාහක මුදලක් ලබා ගෙන තිබෙනවා.