Friday, January 24, 2025

General line - 0115112241

ක්‍රිකට් තරඟ පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ විත්තිකරුවකු අධිකරණය මගහැර රටින් පලායයි

උදය කුමාර




ඇපමත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා අධිකරණය මගහැර රටින් පලා ගොස් තිබෙන බවට කරුණු අනාවරණ වී ඇතැයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා. 

මෙම කරුණු සලකා බැලූ මාතලේ මහාධිකරණ විනිසුරුවරයා අදාල විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අද වරෙන්තු නිකුත් කිරීමටද නියෝග කළා. 

මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජන්ඩ් ට්‍රෝෆි ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඉකුත් වසරේ තරඟ පාවාදීමට යෝජනා කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබුණා.