Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවේ ජනමතය උරගා බලන මධ්‍ය කාලීන මැතිවරණය අද




ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ජනමතය විමසා බැලීමක් ලෙස සැලෙකන අමෙරිකාවේ මධ්‍ය කාලීන ඡන්ද විමසීම අදයි.

එහිදී කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් මන්ත්‍රිවරුන් 435 දෙනෙකු, සෙනට් සභිකයින් 35 දෙනෙකු, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් හා ප්‍රාන්ත ලේකම්වරුන් තෝරා පත් කර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රාන්ත 47 ක් නියෝජනය කරමින් අමෙරිකානුවන් මිලියන 41 ක් කලින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.