Friday, April 26, 2024

General line - 0115112241

කාසිය් වාසිය එංගලන්තයට : ප්‍රබලයින් දෙදෙනෙකුට තීරණාත්මක අවසන් පූර්ව තරගය අහිමි වෙයි




ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 දෙවන අවසන් පුර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායමේ නායක ජෝස් බට්ලර් සමත් වුවා. ඒ අනුව ඔහු පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කෙරුණේ.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගයේ එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු වනු ඇතැයි වාර්තා වනවා.

ඒ, ආබාධයට ලක්ව සිටින ප්‍රබල ක්‍රීඩකයින් වන මාර්ක් වුඩ් සහ ඩේවිඩ් මලාන් වෙනුවටයි. ඒ අනුව මාර්ක් වුඩ් වෙනුවට ක්‍රිස් ජෝර්ඩන් ද ඩේවිඩ් මලාන් වෙනුවට පිල් සෝල්ට් ද කණ්ඩායමට එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේද වෙනස්කමක් සිදුවනු ඇති බවටද වාර්තා වනවා. ඒ අනුව රිෂාබ් පාන්ට් හෝ දිනේෂ් කාර්තික් අද තරගයට එක්වනු ඇති.  

දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වෙන්නේ ඉන්දියාව සහ එංගලන්තය අතරයි. විචාරකයින් හදුන්වන්නේ මෙම තරගය ඉන්දීය ප්‍රබල පිතිකරණ බල ඇණිය සහ එංගලන්ත ප්‍රබල පන්දු යැවීමේ බල ඇණිය අතර තරගයක් වනු ඇති බවයි. තරගය අද පස්වරු 1යි 30ට ආරම්භ වීමට නියමිතයි.