දිවයින ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.
කොළඹ සිට පුත්තලම හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට ද වැසි ඇතිවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
පවතින අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල බිදුණු වැව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් 59 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ, බෙරගල කොටසේ නාය යාමක් හේතුවෙන් පැවති අවහිරතාව මේ වන විට ඉවත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවේ.