Sunday, April 28, 2024

General line - 0115112241

සූරියවැවේදී ඔරුවක් පෙරළී ළමයෙක් මරුට - තවත් දෙදෙනෙක් අතුරුදන්




සූරියවැව, මහවැලිකඩ ආර වැවේ ඔරුවක් පෙරලීමෙන් අතුරුදන් වූ ගැහැණු ළමුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද පස්වරුවේ සොයා ගැනුණා. ඒ, අතුරුදන් වූ ළමුන් සොයා මෙහෙයුම් සිදු කරන පොලිස් හා නාවික ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින්.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක් වූ ගැහැණු ළමයෙකු බවයි පොලීසිය පැවසුවේ. අතුරුදන් වූ අනෙක් ගැහැණු ළමුන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ. 

මෙවැනි ස්ථානවලදී වැඩි අවධානයක් යොමු කරන ලෙසටද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.