Thursday, May 2, 2024

General line - 0115112241

විදුලි බිල යළි වැඩිකරන්න ආණ්ඩුව සැරසෙයි : ඛණිජ තෙල් ණය බරත් ට්‍රිලියනය පනී




යළිත් වරක් විදුලිබිල වැඩි කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ විදුලිබිල සංශෝධනයකින් තොරව කටයුතු කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී අද එක්වෙමින්. 

විදුලිබිල වැඩි කිරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ විදුලි මීටරයක්වත් ලබාදීමට විදුලිබල මණ්ඩලයට අද හැකියාවක් නොමැති බවයි.

විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ ෂධක්‍ ලාභ ලබන විට සිපෙට්කෝ පාඩු ලබන්නේ දේශපාලන බලපෑම් නිසා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ ණය බර රුපියල් ටි්‍රලියනය ඉක්මවා ඇති බවයි.

මේ අතර ලබන වසර වන විට රටේ පවතින විදුලි බල හා බලශක්ති අර්බුදයෙන් සියයට 90ක් පමණ විසදා ගැනීමට හැකිවනු ඇති බවයි පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ වුණේ. ඒ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය කාරකා සභා අවස්ථා විවාදයේදීයි.