ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් තුන්දෙනෙකු අද දිනයේදී විවාහ දිවියට ඇතුළත් වී තිබෙනවා.
පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ කසුන් රාජිත එලෙස විවාහ දිවියට ඇතුළත් වූ ශ්රී ලංකා ක්රීඩකයන් තිදෙනායි.
එම ක්රීඩකයන් තිදෙනාම ඊයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් සමග පල්ලේකැලේ ක්රීඩාංගනයේ පැවති දෙවන එක්දින තරගයට ක්රීඩා කළා.
අද දිනයේ විවාහ උත්සව සදහා සහභාගී වීමෙන් අනතුරුව එම ක්රීඩකයින් තිදෙනා නැවත ශ්රී ලංකා සංචිතයට එක්ව ඇති බවයි ක්රිකට ආරංචි මාර්ග අනාවරණ කළේ.