Tuesday, January 28, 2025

General line - 0115112241

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමට සම්බන්ධ රැඳවියන් තිදෙනෙකු බූස්සට මාරු කෙරේ




ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධ යැයි සැක කෙරෙන රැඳවියන් තිදෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර තිබෙනවා. 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අදාල ගැටුම සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. 

ඒ අනුව ඊයේ රාත්‍රියේම එම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙනියේ සුද්දා හා රත්ගම ටිල්ලාගේ බන්ධනාගාර ගත සමීපතමයන් අතර එම ගැටුම හටගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

දෙපාර්ශවයේ පිරිසක් බන්ධනාගාරයේ ස්නානය කරමින් සිටින අවස්ථාවේ එම ගැටුම ආරම්භ වී ඇති බවද වාර්තා වුණා. 

එහිදී තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනෙකු ගාල්ල ජාතික රෝහලට ඉදිරිපත් කෙරුණා.