Tuesday, January 28, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට අද සිට අවස්ථාව




2024 වසරට අදාල 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අද සිට අවස්ථාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ එම අභියාචනා පෙබරවාරි 06 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බවයි.


එම විභාගයේ ප්‍රතිඵල පසුගිය 23 වනදා නිකුත් කෙරුණා. 

විභාගයට සිසුන් තුන් ලක්ෂ 91,284 දෙනෙකු පෙනී සිටියා. ඉන් සිසුන් 51,244 දෙනෙකු කඩයිම් ලකුණු සීමාව ඉක්මවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.