Saturday, April 27, 2024

General line - 0115112241

යළි වැසි තත්ත්වයේ වැඩිවීමක්




අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලෙනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

ඒ අතරට බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කද අයත්.

එම ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.