Friday, April 26, 2024

General line - 0115112241

මිලියන ලක්ෂ දෙකක ණය බිල්පත් මහා භාණ්ඩාගාරයේ




ණය බිල්පත් සදහා ගෙවීමට ඇති මුදල සියයට 42 ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. භාණ්ඩාගාරයට ඉදිරිපත්ව තිබූ ණය බිල් සදහා පසුගිය අගෝස්තු මස 31 වනදා වන විට රුපියල් බිලියන 359ක් ගෙවීමට තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි කියා සිටියේ.

කෙසේවෙතත් විවිධ අභියෝග මැද ඵම ණය මුදල රුපියල් බිලියන 205ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව මුදල්  රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

බිල්පත් සදහා ගෙවීමට ඇති ඉතිරි මුදලද ක්‍රමානුකූලව  ඉදිරියේදි ගෙවීමට කටයුතු කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඵහිදී වැඩිදුරටත් කියා සිටියා.  

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දසවන දිනය අදයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මෙන්ම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ  වැය ශීර්ෂ පිලිබද අද විවාදයට ගැනෙනවා. අදත් පාර්ලිමේන්තුව පෙරවරු 9යි 30 සිට රාත්‍රී 7 දක්වා පැවැත්වීමට නියමිතයි.