Friday, April 26, 2024

General line - 0115112241

බාල පොහොර දෙන සමාගම්වලට වැඩ වරදී




මෙවර මහ කන්නයේදි  ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර සපයන සමාගම් අසාදුලේඛනගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඵවැනි සමාගම්වලට නැවත ඵම කර්මාන්තයේ නිරත වීමට අවසර ලබා නොදෙන බවයි අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සමුළුවකදී පැවසුවේ.

මේ වන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසාදුලේඛනගත කරන ලෙසට ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබෙනවා. ඵම සමාගමට ඵරෙහිව නීතිමය පියවර ගන්නැයිද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් දුන් බවයි කාෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

අදාල සමාගම විසින් වී වගාව සදහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34ක් වැලි තිබූ බවට අනාවරණ වී තිබෙනවා.  

මෙවර මහ කන්නයේදි කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම සදහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්ද ඵ් සදහා පත් කර තිබෙනවා. ඊට ගොවි සංවිධාන නියෝජිතයන්ද ඇතුලත් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.