Friday, April 26, 2024

General line - 0115112241

කම්කරුවා දුප්පත්වීමට ප්‍රධාන හේතුව මෙරට වාමාංශික ව්‍යාපාරයයි - කම්කරු ඇමතිගෙන් ප්‍රකාශයක්




කම්කරුවා ධනවතෙකු නොවීමට ප්‍රධාන හේතුව මෙරට වාමාංශික ව්‍යාපාරය විසින් කම්කරුවා මෙහෙයවීම බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ හේතුවෙන් මෙරට කම්කරුවා නව්‍යකරණයෙන් යුත් තාක්ෂණය භාවිතයට හුරුවුනු පුද්ගලයෙකු නොවුනු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කම්කරුවා ධනවතෙකු කිරීමට අවශ්‍ය නම් සිදුකළ යුත්තේ ව්‍යවසායකත්වය ඉහළ නැංවීම බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළා. 

මෙතෙක් පැවැති සියලු රජයන් ව්‍යවසායකයින් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු නොකර කම්කරුවාගේ සුබසාධනය පිළිබඳ පමණක් අවධානය යොමු කිරීම හේතුවෙන් මෙරට ව්‍යවසායකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.