Sunday, May 5, 2024

General line - 0115112241

ඉරානයේ තවත් විරෝධතාකරුවෙකුට මරණ දඬුවම




ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල නිරත වූ තවත් විරෝධතාකරුවෙකුට ඉරානය මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ 23 හැවිරිදි තරුණයෙකු එලෙස ප්‍රසිද්ධියේ එල්ලා මරා දමා ඇති බවයි.

ඉරානය මේදිනවල රාජ්‍ය විරෝධී උද්ඝෝෂණකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර විරෝධතාකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ දෙවන අවස්ථාව මෙය වනවා.

ඉරානයේ පාර්ලිමේන්තු සභිකයෙකුගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට පිහි ඇනුම් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි යන චෝදනා එල්ල වුණු අදාළ තරුණයා එම සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන අධිකරණයක් හමුවේ වරදකරු ලෙස ප්‍රකාශ කෙරුණා. 

කෙසේවෙතත් ඔහුට එරෙහිව මරණ දඬුවම නියම කර ඇත්තේ අත්අඩංගුවට ගෙන දින 23 කින් අනතුරුවයි. අදාළ තරුණයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරු ඒ සම්බන්ධයෙන් ඔහුගේ මව දැනුවත් කර නොතිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තරුණයාගේ මළ සිරුර භූමිදානය සඳහා පවුලේ සාමාජිකයින් අදාළ සුසාන භූමිය වෙත යන අවස්ථාව වනවිටත් ඉරාන  බලධාරීන් දේහය මිහිදන් තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.